ශාන්තිකර්මයක් කර නිවසට එන විට කතක් අභිරහසේ ජීවිතක්ෂයට.

ශාන්තිකර්මයක් සිදු කර ආපසු නිවසට එමින් සිටි කාන්තාවක් ඊයේ (06)  අභිරහස් ලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.

මරණය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණකාරියගේ සැමියා පවසා ඇත්තේ තම බිරිඳට තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශාන්තිකර්මයක් සිදු කර නිවසට එමින් සිටියදී මිය ගොස් ඇති බවයි.

මෘත දේහය පරීක්ෂා කිරීමේදී ඇයගේ මුහුණේ තුවාල කැලැල් කිහිපයක් දක්නට ලැබී ඇති අතර මෘත දේහය හදිසි මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.

මෙලෙස ජීවිතක්සයට පත්ව ඇත්තේ බේරුවල , ආරියවංශ මාවතේ පදිංචි 21 හැවිරිදි කාන්තාවකි.

Exit mobile version