දේශබන්දුට එරෙහිව එකක් යද්දී- තව එකක් එයි.

පසුගිය වසරේ මැයි 09 වැනිදා කොළඹ සිදුවූ මහජන කැළඹීමේදී අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිනියක් වන මොරින් නූර් එම සිද්ධියට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.

මාළිගාවත්ත පොලිස් ස්ථානාධිපති එච් .එම්.බී.ජේ විජේවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , නීතිය හා සාමය පිළිබඳව ඇමති ටිරාන් අලස් ආදී මහත්වරු කිහිප දෙනෙකු මෙහි වග උත්තර කරුවන් බවට පත්ව තිබේ.

Exit mobile version