පියා අවසන් කරද්දී පුතා ආරම්භ කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවකු වන උත්පල කුමාරසිංහ මහතා නියමු සේවයට සමුදීමෙදී ඔහුගේ පුත් රහල් කුමාරසිංහ මහතා ගුවන් සේවයට එක්ව තිබේ.

තම පියාගේ අවසන් ගුවන් නියමු ගමනේ සහයක ගුවන් නියමුවා ලෙස ඔහු කටයුතු කර ඇති බව වාර්තාවේ.

ඒ මහතා  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වසර 40ක සේවාකාලයක් නිම කොට අද (31) දින සේවයෙන් සමු ගෙන තිබේ.

ඒ මහතා 1982 දී පුහුනු ගුවන් නියමුවරයෙක් ලෙස රජාකාරී ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

අද දින කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවතොටුපලේ ඔහු වෙනුවෙන් උපහාර උත්සවයක් ද පවත්වා තිබේ.

Exit mobile version