ඇමතිකම් ඉල්ලලා පොහොට්ටුවෙන් ජනපතිට රතු එලි දල්වද්දී එහෙම දෙන්න බෑ කියයි.

තමන්ගෙ පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් රැසකට කැබිනට් අමාත්‍ය තනතුරු ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවස්ථා ගණනාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබුණු බවත් , ජනාධිපතිවරයා ඒ සෑම අවස්ථාවකදීම එය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ . පසුගිය දිනක නැවතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
ජ්‍යෙෂ්ඨයෙක් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු හරහා පණිවිඩයක් යොමු කර ඇති බව සදහන් වේ.

“අපට ඉතාම ඉක්මනින් කැබිනට් ඇමති ධුර ඕනේ, නැත්නම් ඉදිරි මැතිවරණ වලදී අපට වැඩ කරන්නත් බැරිවෙයි” යනුවෙන් එම පණිවිඩය යවා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඇසූ ජනාධිපතිවරයා කෝපාවිෂ්ඨ වී මෙලෙස අදහස් දක්වා ඇති බව සදහන් වේ.

“ඔය කියන දූෂිතයින්ට ඇමතිකම් දීලා මටත් ජනතාවගෙන් ගුටි කන්නයි වෙන්නේ. ඒක නිසා ඔය වැඩේ කරන්න බෑ. අනික ඒගොල්ලෝ උදව් කළත් නොකළත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න මම දැනටමත් වැඩ සැලසුම් කරලා ඉවරයි. ඒ වගේම පොහොට්ටුව පක්ෂයක් හැටියට තිබ්බාට එතන බහුතරය මට සහයෝගය දෙන්න පොහොට්ටුවෙන් එළියට එනවා”

Exit mobile version