හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් සිසුවෙකු යතුරුපැදි අනතුරක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තාවේ.
මියගිය සිසුවාගේ එකම සොයුරියගේ විවාහය දා ඇයගේ මඟුල් පින්තූරය රැගෙන මනාලයාගේ පියා සමග නැවත පැමිණෙමින් සිටිය දී කුරණ බෑවුම් ප්‍රදේශයේදී යතුරුපැදිය සිසුවාට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇදී ගොස් කානුවට වැටී තිබේ.
මෙම අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා හොරණ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී සිසුවා මිය ගොස් තිබේ. අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලවෙත මාරුකර යවා තිබේ.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචි හඳපාන්ගොඩ ජාතික පාසලේ දහවන වසරේ ඉගනුම ලැබූ බිම්සර ප්‍රබෝද් රණසිංහ නම් සිසුවෙකි.
අනතුරින් යතුරු පැදියටද දැඩි ලෙස හානි වී ඇති බව පොලිසිය සදහන් කර තිබේ. යතුරුපැදියේ රෝදය සහ අනෙකුත් කොටස් දෙකට කැඩී වෙන්ව ඇති බව සදහන් වේ.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දින හොරණ මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.














































