ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදය සහ ඡන්ද විමසීමේ දී මෙම රජය හමුවේ ස්වාධීන කොමිෂන් සභාවලට අත්වෙලා තියෙන ඉරණම පිළිබඳව පැහැදිලිව දක්නට ලැබුණු බව ඊයේ 24 විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
මේ රටේ දූෂිත දේශපාලඥයින් විසින් ස්වාධීන කොමිෂන් සභා වලට කරන බලපෑම් පිළිබදව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාද කෙරුණි. මහජන උපයෝගිතා කොමිසම 2002 පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙලා මේ රටේ ජන ජීවිතයට විශාල ලෙස බලපෑමක් කරන විදුලි බලය පිළිබඳ තීන්දු ගැනීමේදී ඇමතිවරයාට අත්තනෝමතිකව තීන්දු ගැනීම වැලැක්වීමටත් අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යංශය ගන්නා තීන්දු මහජන උපයෝගීතා කොමිසම තුළින් නිරීක්ෂණය කරලා ජනතාවට සහන සැපයීම තමා මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ.
මේ වෙනවිට අපේ රටේ කවුරුත් දන්නවා විදුලි බිල ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සියයට හයසීයකින් මිල වැඩි කළා වගේම මේ වසරේ මුල් කාර්තුවේ නැවතත් විශාල ප්‍රමාණයකින් වැඩි කළ බවත් ඒ මිල තීන්දු කළ යුත්තේ යන පිරිවැය මත පදනම් වෙලා ඒකකයක් නිපදවන්න යන පිරිවැය මත පදනම් වෙලා විදුලිබිල තීන්දු කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා කියලා තියන පසුබිමක් තුල එහි ප්‍රතිඵලයක් ලෙස අසීමාන්තික ලෙස විදුලි බිල වැඩි කරලා. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම දැඩි තීන්දුවක හිටියා ඒ ප්‍රමාණය ඉතා වැඩියි ගණනය කිරීම වැරැදියි කියලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා දිගින් දිගටම පැහැදිලි කළත් එයට ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා එහිදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම චෝදනා පත්‍රයට පිළිතුරු සපයා තිබුනත් හරිනම් රජය කළයුතුව තිබුනේ මේ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා චෝදනා සහ එයට ලබා දුන් පිළිතුරු පිළිබඳව සමාලෝචනයක් කරලා තීන්දුවක් ගැනීම. නමුත් එසේ කරන්නේ නැතිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක්පවත්වා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරනු ලැබුවා. අපට සභාපති වරයා කවුද අවශ්‍ය නැහැ අවශ්‍ය වෙලා තියෙන්නේ ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරන්න ස්වාධීනව ගන්න තීන්දු.
