- උසාවියට කරුණු වාර්තා කළ පසු පොලිසිය පසුපසින් පැමිණ සැකකරු භාර වෙනවා…..අධිකරණයට කරුණු වාර්තා කළේ කුමකටදැයි විනිසුරු පොලිසියෙන් අසයි…
- මේ තැනැත්තාට ඇති පොලිස් වරප්‍රසාද සාමාන්‍ය පුද්ගලයෙකුට නැත්තේ කුමක් නිසාදැයි විනිසුරු පොලිසියෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න නගයි….
රාජාංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ සංගීත ප්‍රසංග මාලාව පැවති භූමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ බැන මරණීය තර්ජනය කොට ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න ඇතුළු රාජාංගනය පොලිසියේ නිලධාරින් අද (26) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වූ අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති හා කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නාලක බංඩාර ඉලංගරත්න නියෝග කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ පොලිසිය පසුපසින් පැමිණ ඇති සැකකරු අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය කොට තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලිසිය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසූ විට පොලිසිය කිසිවක් නොපවසා නිහඩව සිට ඇත.
මේ අතර නන්දික වීරංජිත් තාඹුගල නැමැත්තා අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට භාර වීමට පොලිසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තේ ඇයි දැයි විනිසුරුවරයා මෙහිදී පොලිසියෙන් ප්‍රශ්න කොට තිබේ.
මේ අතර මින් මතු පොලිස් නිලධාරින් පමණක් නොව කිසිදු රාජ්‍ය නිලධාරියෙකු වෙත තම බලය අනීතික ලෙස පාවිච්චි කොට තර්ජනය කොට ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් තරාතිරම නොබලා බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන බවද මහේස්ත්‍රාත්වරයා සැකකරුට දැඩි ලෙස අවවාද කරමින් පවසා තිබේ.
අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
නැවත නඩුව ලබන නොවැම්බර් මස23 වෙනිදාට කල් තැබූ විනිසුරු නාලක බංඩාර ඉලංගරත්න මහතා එදිනට සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
