ස්පාඤ්ඤයේ ලැවි ගිනි – විශාල පිරිසක් අවතැන්.

ඊයේ (15) ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි ලා පල්මා ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් සහ අක්කර 11,000 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 5000 කට අධික පිරිසකට නිවෙස් වලින් ඉවත් වීම සදහා නිවේදන නිකුත් කර තිබුණද , බොහෝ පිරිසක් සිය නිවාසවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සදහන් වේ.

ගින්න මැඩලීම සදහා ගිනි නිවන භටයන් 400 කට අධික පිරිසක් එක්ව සිටින බවත් , ස්පාඤ්ඤ ඇතුළු දකුණු යුරෝපා රටවලින් අධික උෂ්ණත්වයක් වාර්තා වෙමින් පවතින නිසා ලැව් ගිනි හටගන්නා බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version