දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ, වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.
මේ අතර මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් හෙට (19) දිනයේ දී වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදුකරන බවට මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා පවසා තිබේ.
