පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මොහොමඩ් අසීෆ් , ඉම්රාන් ඛාන් නිදහස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව හෙළා දැක ඇති බැවින් ඔහුව යළි අත්අඩංගුවට ගන්නා බව පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම ඉම්රාන් ඛාන්ට එවැනි විශේෂ සහනයක් ලබා දෙන්නේ කෙසේ දැයි පකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මෙම තීරණය සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ශරීෆ් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඇති බවත් , ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට අනුව නිදහස ලැබූ ඉම්රාන් ඛාන් මේ වන විට ආරක්ෂිත ස්ථානයක රඳවා තිබෙන බවත් , ඔහු අද (12) ඉස්ලාමාබාද් මහාධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය තව දුරටත් සඳහන් කර තිබේ.
නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමාට අමානුෂික ලෙස පහර දුන් බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
තවද පාක්ෂිකයින් අද (12) ඉස්ලාමාබාද් නුවරට පැමිණෙන ලෙස ඉම්රාන් ඛාන්ගේ තෙරික් ඊ ඉන්සාෆ් පක්ෂ නායකවරයා සඳහන් කර තිබෙන බවත් එරට විරෝධතා තවමත් අවසන් වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.
