මේ වන විට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් ලෙස සටහන් වෙයි.
නමුත් ලබන සතිය වන විට සිමෙන්ති කොට්ටයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සිමෙන්ති නිෂ්පාදකයින් සඳහන් කළ බව වාර්තා වේ.
එමෙන්ම නිවාස ඉදිකිරීම් සඳහා ණය ගැනීම සීමා වීමත් සමඟ සිමෙන්ති සඳහා තිබූ ඉල්ලුම ද මේ වන විට 50% කින් පමණ අඩු වී ඇති බවත් , පවතින ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙරට ප්‍රමුඛ පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් මේ වන විට තම කර්මාන්තශාලා හතරෙන් තුනක්ම වසා දමා ඇති බවත් සිමෙන්ති නිෂ්පාදකයන් ප්‍රකාශ කර තිබේ.
