විමල් වීරවංශට අධිකරණයෙන් දැඩි අවවාද.

වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට තරයේ අවවාද කොට පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්ත අල්විස් මහතා ඊයේ (21) නියෝග කර ඇති බව වාර්තා වේ.

අවසන් වතාවට තම අධිකරණය විසින් ඇප ලබා දෙන නමුත් මින් පසු කුමන හේතුවක් නිසා හෝ එක් දිනක් හෝ නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරමින් සැකකාර මන්ත්‍රීවරයාට අවවාද කළ බව සදහන්.

Exit mobile version