“අත්තිඩියේ කුඩු රැජින” යන අනුවර්ථ නාමයෙන් හදුන්වන අත්තිඩිය යසොරාපුර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
විදෙස් ගතව සිට මෙම ජාවාරම සිදුකරනු ලබන සයිමා යන පුද්ගලයාගේ ජාවාරම මෙරට සිට සිදුකරනු ලබන්නේ මෙම කාන්තාව වන අතර, අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 100 ක් සොයා ගත් බවයි පොලිසිය සදහන් කොට ඇත්තේ.
ලද තොරතුරක් අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකොට මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
