නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ කාන්තාවක් කොටු.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් නීති විරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට පොලීසිය පවසයි.

සැකකාරිය සතුව වර්ග තුනකට අයත් දුම්වැටි දහ අට දහසක් පමණ තිබූ බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Exit mobile version