තමන් වගකීම දරන රජයේ වතුයායේ සේවකයෙකු හෝ ගම්වැසියෙකු නොවන අයෙක් අනවසර ඉදිකිරිමක් සිදුකර ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අනවසර නිවස තැනූ පුද්ගලයා විසින්ම එය කඩා ඉවත් කරගන්නා බවට පොලීසියේ දී ඔහු සහතික වී ඇත.
පොරොන්දු වූ පරිදි අනවසර ඉදිකිරීම කඩා ඉවත් නොකර දේශපාලන හයිය ඇති මෙම පුද්ගලයා අවශ්‍ය නම් සාමාන්‍ය අධිකාරි වරයා විසින්ම එය කඩා ඉවත් කර ගන්නා ලෙසට නොහොබිනා බසින් කියා ඇති බවට වතු සභාපතිවරයාද දැනුවත් කර තිබී ඇත.
රජයේ ඉඩම් (භූමියට) වගකිවයුතු සාමාන්‍ය අධිකාරිවරයා ලෙස අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු කිසිවකු පදිංචිව නොසිටි බවට ගම්වැසියන් විසින්ද තහවුරු කරන මෙම ඉදිකිරීම කඩා ඉවත් කිරීමට කටයුතු කර ඇත.
තම රැලේ 225න් එකෙක් වෙනුවෙන් සත්‍ය වසන් කරමින් රටම නොමග යැවු ඉහත කී සිදු වීමේදි දේශපාලන බලය, නීතිය අවභාව්තා කරම්න් සත්‍ය විකෘති කරම්න් නීතියට ඉහළින් ක්‍රියාත්මක වන මෙම දේශපාලනයට එරෙහි සියලු පිරිස් පක්ෂ පාට නොබලා එකම කදවුරක සිටගත යුතුමය.
තම අමාත්‍ය ධූරයට පත් වූ පසු පළමු වරට එහි පැමිණි තොණ්ඩමන් ඇමතිවරයෙකු ලෙස නොව මැරයකු ලෙස ක්‍රියාකළ ආකාරය මාධ්‍ය තුළින් අපට දැකගැනීමට හැකි විය. සත්‍යය තහවුරු කරගෙන හෝ නොකර මැදිහත් විය යුත්තන් සාමාන්‍ය අධිකාරිවරයාට වරද පටවන්නේ එළැඹෙන මැතිවරණයකදී තොණ්ඩමන්ගේ ඡන්ද කුට්ටිය ලබා ගැනීමටය.
තමන් වෙතින් බැහැර වන පිරිස සහ ඡන්දය රැක ගැනීම සඳහා තොණ්ඩමන් මෙන්ම උතුරු නැගෙනහිර ජාතිවාදී දේශපාලනඥයින් රජයට අයත් ඉඩම් බෙදා දෙමින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනිමට ජාතිවාදය වපුරන්නේ නැගෙනහිර රක්ෂිතය වනසා බදුර්දීන් තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට ඉඩම් බෙදා දුන් ආකාරයටමය.
ලක්මව අනතුර යැයි, හඬා වැටුනු සෑබෑ අරගලය මංකොල්ලකෑ ව්‍යාජ අරගල කරුවන්ගේ ජාතිමාමකත්වය දේශපාලන බලය අවභාවිතා කරන මෙවැනි අවස්ථාවන්හිදී වත් අවදි නොවීම පුදුම සහගතය.
(ශර්මිලා ගෝනවෙල)
තොණ්ඩමන් ඇමතිවරයෙකු ලෙස නොව මැරයෙකු ලෙස ක්‍රියා කළ ආකාරය
