කර්මාන්තශාලාවක් වැසීමට විරුද්ධව කම්කරුවන් විරෝධයේ.

ආගරපතන වැවිලි සමාගමට අයත් වැවිලි වතු යායේ තේ කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට විරෝධය පළ කරමින් අද (07) දින වැඩවර්ජනයක් පැවැත්වීමට එම වතුයායේ කම්කරුවන් පිරිසක් විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ .

මෙම වතු යායෙන් දෛනිකව කඩන තේ දළු ප්‍රමාණය අඩු වීමත් සමඟ එම වතුයායේ තේ කර්මාන්තශාලාව තාවකාලිකව වසා , එම වතු යායේ කඩනු ලබන තේ දළු බැල්මෝරල් වතු යායේ තේ කර්මාන්තශාලාවට රැගෙන යාමට විරෝධය පළ කරමින් එම වතු යායේ කම්කරුවන් පිරිසක් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ .

මෙම වර්ජනයට එක්ව සිටින වතු කම්කරුවන් ප්‍රකාශ කරන්නේ තම වතු යායේ කඩනු ලබන තේ දළු දින දෙකකට වරක් තම වතු යායේම තේ කර්මාන්තශාලාවේ තේ කුඩු නිෂ්පාදනයට යොමු කරන ලෙසයි.

මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී පලනි ශක්තිවේල් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රශ්නය පිළිබඳව දැඩි අවධානය යොමු කර අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.

Exit mobile version