ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.
එහි පළමු තරගයට එක්වන්නේ, එංගලන්තය සහ නවසීලන්තයයි.
1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වීමට නියමිතව තිබේ.
ඉන්දියාව සත්කාරකත්වය දරන තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගණ 10කදී ය.
තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බවට විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවද සඳහන්.
මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 95ක් පවත්වා තිබේ.
දෙපිලම තරග 44 බැගින් ජය ඇති අතර තවත් තරග 3ක් අවසන් වූයේ ලකුණු සම වීමෙන් අනතුරුවයි.
මේ අතර අනෙක් තරග 4 තීරණයකින් තොරව අවසන් විය.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.













































