ලෝක අවිවාහක රූ රැජන දිවයිනට.

ලෝක අවිවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි ඉන්දීය ජාතික ක්‍රිෂාන්ගී ගෞරී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජිණ තෝරාගැනීමේ තරගාවලියේ අවසාන මහා තරඟයට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රියේ 10 . 40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය අනිද්දා (22) කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ . එහි ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරනු ලබන්නේ ක්‍රිෂාන්ගී ගෞරී යි. එහිදී තෝරා ගන්නා ජයග්‍රාහකයන් සිව්දෙනකු 2024 අප්‍රේල් මාසයේ ඇමරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරඟාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතව තිබේ .

Exit mobile version