අධික නියඟ කාලගුණය හේතුවෙන් වන සතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන යාල, විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යයාන තාවකාලිකව වසා දැමීමට එම වනෝද්‍යයාන බාර ප්‍රධානීන් රජයට නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිර්දේශ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කර ගෙන යන බවයි.
අධික නියඟයේදී ජලය සහ ආහාර අඩුවීමෙන් සතුන් පීඩනයට ලක්ව සිටින අවස්ථාවක සංචාරකයන් පැමිණීමෙන් එම පීඩනය දෙගුණ තෙගුණ වන හෙයින් ඒ කාලසීමාවේදී වනෝද්‍යාන වසා දැමීම සාමාන්‍යයෙන් කළ යුත්තක් බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
තවද නියඟ පවතින කාලවලදී සතුන් ජලය සොයා ජල මූලාශ්‍රවලට වැඩි වශයෙන් පැමිණෙන හෙයින් එම කාල සීමාවලදී සතුන් දඩයම් කිරීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවන බව පැවසූ සූරියබණ්ඩාර මහතා එලෙස සතුන් දඩයම් කිරීම වැළැක්වීමද වනෝද්‍යානය වසා දැමීමේ තවත් අරමුණක් බව
සඳහන් කළේය.
සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා අමතර නිලධාරීන් යෙදවීමටද
මේ කාලසීමාවේදී සිදුවන බව වනජීවී අංශ පවසයි.
කුමන කුරුලු උද්‍යානයේ පක්ෂීන්ට දැඩි නියඟයෙන් යම් බලපෑමක් ඇතිවී තිබෙන නමුත් යාල විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යයානවලට සාපේක්ෂව එම බලපෑම අවම බව සූරියබණ්ඩාර මහතා කීවේය.
මේ අතර අධික නියගය හේතුවෙන් යාල විල්පත්තුව සහ උඩවලව වනෝද්‍යානවල කුඩා ජලාශ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිදී ගොස් ඇතැයි වනජීවි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වනෝද්‍යානවල සංචාරක කලාප පවත්වාගෙන යෑමේ අරමුණින් ඒ ප්‍රදේශ ඉලක්ක කර ජලය සැපයීමේ වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර දැඩි නියගය හේතුවෙන් මාදුරුඔය, ගල්ඔය, අංගම්මැඩිල්ල, හොරොව්පතාන , සෝමාවතිය, උඩවලව, බූන්දල , වස්ගමුව, මින්නේරිය, කවුඩුල්ල,ගිරිතලේ සහ මින්නේරිය යන යන වනෝද්‍යානවලද ආහාර සහ ජලය හිඟවීමෙන් සතුන් පීඩාවට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පවසති.
ජාතික වනෝද්‍යාන තුළ සහ රක්ෂිත ප්‍රේරණ කලාප තුළ ගිනි තැබීම් හේතුවෙන් වන අලින් සඳහාද උග්‍ර ආහාර අර්බුදයක් පවතින බව වාර්තා වේ.
