යමුනා නදිය පිටාර ගලයි – 25 , 478 ක් අවතැන්.

ඉන්දියාවේ යමුනා නදිය පිටාර ගැලීම හේතුවෙන් පුද්ගලයින් 25 , 478 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ඔවුන් ගලවා ගැනීම සඳහා සහන කණ්ඩායම් 16ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම දිල්ලි නගරයේ මාර්ග කුඩා ගංගා බවට පත්ව ඇති බවත් , වයඹ දිග දිල්ලිහි කිංග්ස්වේ කඳවුරේ අන්ධ පාසල් සිසුන් 60 කට අධික පිරිසක් මෙම ගංවතුර අවධානමට ලක්ව තිබෙන බවත් , ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් සඳහන් වේ.

තවද ගංවතුර තත්ත්වයෙන් සිර වී සිටි සුනඛයින් 60 දෙනෙකු සහ ගවයින් 50 දෙනෙකු ද බේරා ගත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි .

Exit mobile version