මුදල් අමාත්‍යාංශයේ සේවකයින් පිරිසක් විසින් මොරටුව – හොරෙන්තුඩුව ළමා නිවාසයේ සිටින දරු දැරියන් 45 දෙනෙකු වෙනුවෙන් අවශ්‍ය කරන ඇදුම් පැළදුම් , සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දුන් බව වාර්තා වේ.
මෙම ළමා නිවාසයේ ශ්‍රවණ , දෘශ්‍යාබාධිත ආදී දරුවන් රැසක් සිටින අතර මෙම දරුවන් සඳහා ළමා නිවාසය තුළම වෙනම පාසලක් ද පිහිටා තිබේ. එමෙන්ම මෙම ළමා නිවාසයේ මූලික කටයුතු රාජ්‍ය නොවන සංවිධානයක් හරහා සම්බන්ධ වෙමින් පරිපාලන කටයුතු සිඳු කරන බව සඳහන්.
