මිනිස්සු මළමිනී කරන සොම්බි මත්ද්‍රව්‍ය ලංකාවට ඇවිත්.

දිනෙන් දින තරුණ ජීවිත බිලිගන්නා මත්ද්‍රව්‍ය කාලෙන් කාලෙට අලුත් මුහුණුවරක් ගෙන පැමිණෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. මෙලෙස පැමිණි තවත් එක් මත්ද්‍රව්‍යක් පිළිබඳව හෝමියෝපති වෛද්‍ය විරාජ් පෙරේරා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් බරපතළ අනාවරණයන් රැසක් සිදුකරන ලදි.

වෛද්‍ය විරාජ් පෙරේරා මහතා සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය පුරා සැරිසැරූ එක් තරුණියකගේ විඩියෝවක් මගින් සොම්බි තත්ත්වයට පත් වූවන් ලංකාවේද සිටින බවට අනාවරණය වූ බවයි.

එනම් සොම්බි යනු මොළේ ක්‍රියාකාරිත්වයක් නොමැතිව ක්‍රියාත්මක වීමයි.

මෙහිදී සතුන්ගේ සිහි නැති කිරීමට යොදාගන්නා සයික්‍රොෂින් ඩ්‍රග්ස් එක හෙරෝයින් සහ කොකේන් යොදා පානය කිරීම සිදු කරන බව පවසයි.

දැනට ලංකාවට සොම්බි ඇවිත් තිබ්බත් මෙය කොතරම් පැතිරිලාද යන්න කවුරුත් නොදන්නා බවත් පවසයි.

එසේම මෙලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත නගර එහෙන් පිටින්ම සොම්බි තත්ත්වයට පත් වන බවත් මෙලෙස සොම්බි තත්ත්වයට පත් වීමත් සමග මොළයේ ක්‍රියාකාරිත්වය නොමැති වීම හේතුවෙන් බාහිර ලෝකයේ වන කිසිම දෙයක් නොදන්නා අතර ඔවුන්ගේ කිසිම පාලනයක් නොමැති බවද පවසයි.

මෙම භයානක තත්ත්වය පාලනය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් දරුවන්ගේ ජීවිතද අනාරක්ෂිත බවට ඔහු පවසයි.

තවද මෙම ජාලය නිර්මාණය වී ඇත්තේ පාතාලය ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලකයෝ සහ බලය තියෙන ආයතන ගොන්නකින් බවත් පවසයි.

ඔහු අවසාන වශයෙන් සඳහන් කරන්නේ රටේ පාලකයන්ට මේ ප්‍රශ්නය අස්සට ගොස් ප්‍රශ්නය නිරාකරණය කිරීමට කිසි උවමනාවක් නැත්තේ ඔවුනුත් ප්‍රශ්නයේ කොටස්කරුවන් බවත් ප්‍රශ්නය නිර්මාණය කරන ප්‍රශ්නය තුල යැපෙන්නන් නිසා බවත්ය .

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version