ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරය , දෙහිවල සත්ත්ව උද්‍යානය , රිදියගම සෆාරි උද්‍යානයන්හී ඇති ක්‍රියාකාරකම් සඳහා වන මිල ගණන් සංශෝදනය කර තිබෙන අතර ඊට අදාළ වන ගැසට්ටුව වනජීවී සහ වන සම්පත් අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සියලුම සත්ත්ව උද්‍යානවල මාංශ භක්ෂක සතුන් සඳහා ආහාර ලබා දීමේ ගාස්තුව රුපියල් 200 දක්වාත් , දෙහිවල සත්ත්ව උද්‍යානයේ අන්කොන්ඩා සමඟ ඡායාරූප ගැනීමේ ගාස්තුව රුපියල් 500 දක්වාත් , රිදීගම සෆාරි උද්‍යානයේ වායුසමනය කරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 150ක් දක්වාත් , වායුසමනය නොකරන ලද බස්රථවල ගාස්තුව රුපියල් 100 දක්වාත් ඉහළ දමා ඇති බව සඳහන් වේ.
