රජයේ රෝහල් සදහා අක්ෂි කාච ගෙන්වීම තවත් මාස 6 ක් පමණ ප්‍රමාද වන බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සදහන් කළ බව වාර්තා වේ.
පසුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන් වලට මෙම වසරේ අක්ෂි කාච සැපයිය නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව කියයි.
එම නිසා මිල ගණන් සංශෝධනය කරන ලෙස සැපයුම්කරුවන් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර එසේ මිල ගණන් සංශෝදනය කරන්නේ නම් ඒ සම්බන්ධව මහාභාණ්ඩාගාරය වෙත දැනුම් දිය යුතු බවත් එම ක්‍රියාවලියට කාලයක් ගත වන බවත් වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇති බව වාර්තා වේ.එමෙන්ම ඉක්මනින් අක්ෂි කාච ලබා ගැනීම සදහා කටයුතු කළ යුතු ආකාරය පිළිබදව සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.














































