අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් ආශ්‍රයෙන් සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදනයට ගොදුරු වී ඇති බවක් වාර්තා වී ඇත.
ඉදිරියේදී මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමේ අවදානමක් ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ,වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී.රත්නායක මහතා සඳහන් කළේ.
වෛද්‍ය ආර්.එම්.එස්.බී.රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට අනුරාධපුර නගර සභාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බවත් මේ වන විට එම සිසුන් සහ ගුරුවරුන් නිරෝධානයට ද යොමු කර ඇති බවයි.