ලංකා අයි.ඕ.සී. සමාගම විසින් මෙම වසරේ දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 268ක මෙහෙයුම් ලාභයක් උපයාගෙන ඇත.
පසුගිය වසරේ දී එම සමාගමට සිදුව ඇති රුපියල් මිලියන 146ක අලාභය අභිබවා යමින් මෙම ලාභය උපයා ඇත.
එම සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 313ක් ලෙස දැක්වුණු අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 281.5ක් වේ.
ලංකා අයි.ඕ.සී. සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ප්‍රකාශ කරන්නේ කොරෝනා වසංගත තත්ත්වය සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතින තත්ත්වයක දී මේ අයුරින් ලාභ වාර්තා කිරිම කැපී පෙනෙන ජයග්‍රහණයක් බවයි.