තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට කටයුතු කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.
මේ බව ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය අමතමින් එහි සභාපති මසට්සුගු අසකාවා මහතා අද (27) ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ වසර 70ක කාලයක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණුම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් පවතින බවයි.
මෑතකදී ද ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාව වෙත ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන ලද්දේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ජීවන තත්ත්වය සුරැකීම සඳහාය.
අසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව එඑහි දීර්ඝ කාලීන හවුල්කරුවන් වන බවත්, IMF වැඩසටහන නිම වූ පසු ශ්‍රී ලංකාව සඳහා වෙනත් සහන පැකේජ සඳහා එක්වීමට ද සලකා බලන බවයි.
















































