යාපනය ප්‍රදේශයේ අක්කර 350 ක වගා කර තිබෙන කාබනික ඇඹුල් කෙසෙල් වල පළමු තොගය මෙම මස 28 වනදා සිට කිලෝ ග්‍රෑම් 25,000 බැගින් සෑම සතියකම ඩුබායි වෙළදපොලට යැවීම සදහා කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ වන විට රාජාංගනයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන අතර යාපනයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර තිබේ.
මීට අමතරව ඇඹිලිපිටිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල කෙසෙල් අපනයන කලාපයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් , සෙවනගල ප්‍රදෙශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී .
මේ ආකාරයෙන් යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා ඩොලර් 40,000 ක ආදායමක් ලබා ගත හැකි බව සදහන් කරයි.













































