වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ඉදිරි සති 02 තුළ දී සහල් සහ සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙන බවයි.
එමෙන් ම වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සතොස ආයතන ඔස්සේ බෙදාහරින අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා සහිතව ලබාදෙනු ලබන්නේ ඒවා සැබවින්ම අවශ්‍ය පාරීභෝගිකයින් වෙත ලබා දීමේ අරමුණෙන් බවයි.
ඊයේ (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.