ඊයේ (02) දිනයේ දී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා දිවයිනට පැමිණියේ සිව්දින නිල සංචාරයක් සඳහා වන අතර එහි පළමු දින වන අද දිනයේ ඔහු යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
එසේම හෙට (04) දිනයේ දී ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.
විදේශ අමාත්‍යංශය සඳහන් කළේ එම සාකච්ඡාවෙන් අනතුරුව විදේශ අමාත්‍ය ,මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා සමග ඉන්දීය විදේශ ලේකම්වරයා ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇති අතර ඔහු මෙම සිව්දින නිල සංචාරය තුළ දී මහනුවර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සංචාරය කිරිමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.















































