මේ වන විට නැවතත් ඉන්ධන පෝලිම් ඇති වෙමින් තිබේ. මීට දින කිහිපයකට පෙර ආකාරයෙන් ඉන්ධන නොලැබුනොත් ලබන සතිය වනවිට නැවතත් ඉන්ධන පෝලිම් ඇති වනු ඇත. මේ වන විටත් පෝලිම් නොමැති උනත් ඩිසල් නැත. තමන්ගේ ආසන්නයේම ඉන්ධන හලට ඩීසල් තොග පැමිණෙන බව සැලවන විට පමණක් තම වාහනය රැගෙන ඒමට වාහන හිමියන් කටයුතු කරයි. ඉන්ධන පිරවුම් හල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබේ.
මේ අතර කර්මාන්ත ශාලා සඳහා ද ඉන්ධන ලබා දී නැත. මේ වන විට ග්‍රාමීය මාර්ගවල පවා බස් රථ ගමනාගමනය අඩුව තිබේ. පෞද්ගලික බස් රථ ගමනාගමනය ද සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ.
මේ අතර අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ ආයතන 2100 ක අවසරයකින් තොරව ඉන්ධන ගබඩාකරගෙන තිබෙන බව ප්‍රකාශ කරයි. ඉදිරියේදී එම ආයතන සඳහා ඉන්ධන ලබා නොදෙන බවද සදහන් කර තිබේ. කෙසේ වෙතත් එසේ ඉන්ධන ලබා නොදීමෙන් සිදුවන්නේ එම ආයතන වැසි යාමයි. එසේ වැසි යාමෙන් සිදුවන්නේ දහස් ගනනක් වන සේවකයන්ට රැකියා අහිමි වීමයි.
එබැවින් කාංචන විජේසේකර මහතා ප්රමුඛ රජය කටයුතු කල යුත්තේ සහ ප්‍රතිපත්ති සැකසිය යුත්තේ සියලුම දෙනාට යහපතක් වන අකාරයටයි. නිසි ලෙස ඉන්ධන සැපයුම තිබුනේ නම් කිසිම ආයතනයකට ඉන්ධන අනවසරයෙන් හෝ ගබඩා කිරීමට අවශ්‍ය නොවනු ඇත. කිසිම බලධාරියෙකුට සාමන්‍ය ජනතාවගේ පැත්තේ සිදුවන්නේ කුමක්ද යන්න තවමත් වටහාගැනීමට නොහැකිව තිබේ.