අලව්ව හා පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර විශාල ප්‍රමාණයේ සියඹලා ගසක් දුම්රිය මාර්ගයට අද රාත්‍රී 09.30ට පමණ කඩා වැටී ඇත. ඒ හේතුව පදනම් කර ගනිමින් අද දින රාත්‍රී ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ ධාවනය වූ දුම්රිය සියල්ල ධාවනයට ප්‍රමාද වී ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08.00 ගමන් ආරම්භ කල කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රිය අලුයම 12 ටත් එම අනතුර සිදු වූ ස්ථානයේ නවතා ඇති අතර එම දුම්රියට පිටුපසින් රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් ද නවතා ඇත. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08.00 බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය 0000පැයටත් අලව්ව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් සති අන්තයේ ගම්බිම් බලා යන ජනතාව මෙන්ම විනෝද චාරිකා සඳහා එම දුර ගමන් සේවා දුම්රිය වල ගමන් ගත් මගී ජනතාව විශාල වශයෙන් දැඩි පීඩාවට ලක් විය.













































