අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මුදල් අමාත්‍යවරයා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එක්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී උපකාරක පන්ති නොවැම්බර් මස 01 වනදා සිට ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කළේ.
ඉදිරි කාලයේ දී හෝ උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛය අමාත්‍යවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
අද (16) සිට මෙරට තුළ ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තවදුරටත් උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමිවී නැත.