ඊයේ (15) දිනයේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව තවත් සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී අවධානය යොමුව ඇත්තේ මෙම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වුවහොත් එය වැළැත්වීම සඳහා ෙගන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.
අදාළ සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පවත්වා ඇති අතර ඒ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව, වරාය අධිකාරිය, නාරා ආයතනය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සම්බන්ධව ඇත.
මෙම සාකච්ඡාවේ දී නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදුව ඇති හානියට වන්දි ලබා ගැනීම සඳහා මේ වන විට ගනිමින් පවතින ක්‍රියාමාර්ග මෙන් ම ධීවර ජනතාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳවත් අවධානය යොමුකර ඇත.