කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය විජයමුණි මහතා පවසන්නේ ඔහු අද (11) කොළඹ අවට ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බවත් එහිදී බොහෝ පුද්ගලයින්ගේ මුඛ ආවරණ පැළඳ නොමැති බවක් දක්නට ලැබුණු බවයි.
කොළඹ නගරය අවට සැරිසරන බොහෝ පිරිස් මුඛ ආවරණ නිකටේ පැලඳ සිටින අයුරක් දක්නට ලැබුණු බව ඔහු සඳහන් කර ඇත.
මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ,2020.03.12 දින සිට මේ වන තෙක් කොළඹ නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වී ඇති බවත් එම පුද්ගලයින්ගෙන් 1,098ක්ම කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බවත් ය.
එන්නත්කරණය අවසන් විසඳුමක් නොවන බවත් ඉදිරි වසර දෙකක පමණ කාලයක්වත් මේ අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිටීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුනි.
අද (11) කොළඹ දි පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය විජයමුණි මහතා මෙම අදහස් දක්වා ඇත.