ඊයේ (08) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ , එන්නත් දෙකම ලබා ගත් බවට සදහන් කාඩ් පත නොමැතිව පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීමට නීති සකස් කරන බව සහ ඒ සදහා නීතිපතිගේ අනුමැතියද ලැබී ඇති බවය.
නමුත් මීට දින දෙකකට පමණ පෙර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කලේ එන්නත් වල බලය අඩු වී තිබෙන බවය. එබැවින් පරිස්සම් විය යුතු බවද ඒ මහතා සදහන් කරන ලදී.
පැරැන්නෝ ප්‍රකාශ කරන අයුරින් මැලේරියා රෝගය සදහා බෙහෙත් සොයා ගැනීමට අවුරුදු 10 ක් පමණ ගොස් ඇත. ඩෙංගු රෝගය සදහා තවමත් බෙහෙතක් සොයාගෙන නැත. එය අප අවුරුදු ගණනක් තිස්සේ විදිමින් සිටින්නෙමු. එසේ නම් මේ ඇසට නොපෙනෙන , උපතක් සොයා ගත නොහැකි කොරෝනා වෛරසයට එරෙහිව ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා බෙදා හරිනු ලබන එන්නත පිලිබඳව බුද්ධිමතුන් සැක පහල කල නමුත් ඔවුන්ගේ කටවල් වසා දැමු බව නොරහසකි. එසේ වුවත් මෙම එන්නත සාර්ථක වුයේ නම් මෙවැනි අකාරයෙන් ගැටළු මතු වන්නේද නැත.
කෙහෙළිය මහතාගේ මෙම ප්‍රකාශය තුලින් එන්නත් නොගත් ජනතාව විවිධ ප්‍රශ්න මතු කරති. එන්නත් ලබා ගත් ජනතාවද දැන් විවිධ ප්‍රශ්න මතු කරති. එන්නත් ලබා ගත්තත් රෝගය බෝවන්නේ නම්, එන්නත් ලබා ගත් පුද්ගලයන්ද මිය ගියේ නම්, මේ වන විට මෙහි බලයද හීන වී තිබේ නම් ආදී විවිධ ගැටළු ජනතාව මතු කරති. මාස හයෙන් එන්නතේ බලය බිදෙන්නේ නම්, පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කරමින් නීති පැනවීමේ අර්ථය කුමක්ද ? යන්න ඔවුන් ප්‍රශ්න කරති.
එසේම කොවිඩ් වැළක්වීමේ එන්නත ලබා ගත් සමහර නිරෝගී පුද්ගලයන්ද විවිධ අතුරු අබාධ වලට ලක්ව තිබේ. මෙවැනි අවිනිශ්චිත වාතාවරණයක් තුල පොදු ස්ථානවලට ඇතුලත් වීම තහනම් කරමින් නීති පැනවිය හැකිද ?
අපගේ විශ්ලේෂණය
නීති පනවනු ලබන්නේ පාර්ලිමේන්තුවෙන් නිසා පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් පැනවිය හැකිය. නමුත් මෙවැනි අවිනිශ්චිත තත්වයෙන් යටතේ එසේ නීති පැනවීමෙන් තව දුරටත් ජනතාව අපහසුතාවයන්ට ලක් වන අතර එයින් රජය කෙරෙහි තිබෙන අප්‍රසාදය දිනෙන් දින වැඩි වේ. කොවිඩ් හේතුවෙන් බිද වැටුණු ජන සමාජය ගොඩ නැගීමට අවශ්‍ය වන්නේ නම් මෙවැනි පදනම් විරහිත නීති පැනවීමෙන් වැළකිය යුතුය. මෙයින් සිදු වන්නේ ජනතාව තව තවත් අපහසුතාවලට ලක් වීම පමණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (3) සහ 14 (ඌ) වගන්තීන්ට අනුව පොදු ස්ථානවලට ගමන් කිරීම සදහා තිබෙන අයිතිය අහිමි කල නොහැක. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (7) වන වගන්තියට අනුව “ මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්” මෙම නීතිය පැනවීමට බාධාවක් නැත. නීතියක් පැනවිය යුත්තේ මහජන සුභ සිද්ධිය උදෙසාය. එන්නත්කරනය තුලින් මහජනතාව සම්පූර්ණයෙන්ම ආරක්ෂාවන බව සහ ඔවුන් ලක් වන අතුරු අබාධ වලට වග කීමටද, එන්නත්කරණය හේතුවෙන් ඔවුන් මිය නොයන බවට සම්පූර්ණ සහතිකයක්ද ලබා දෙන්නේ නම් මෙසේ නීති පැනවීම අනිවාර්යෙන්ම කළ යුතුය. නමුත් එවැනි සහතිකයක් නොමැතිව, බුද්ධිමත් පිරිස් ඕනාවට එපාවට එන්නත් ලබා ගැනීම සිදු නොකරති. එය ඔවුන්ගේ සිතීමේ නිදහසය. එසේ සිතීමට අවශ්‍ය පසුබිම ලෝක මට්ටමින්ම සැකසී තිබේ. තම ජීවිතයට හානි නොවන බව සිතීමට අවශ්‍ය පසුබිම සැකසී නොමැති මට්ටමක එසේ සිතීම සම්පූර්ණයෙන්ම නිවැරදිය.
විශේෂයෙන්ම වෙනත් රටවල් වල කරන දේ නොව අප ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමෙන් මේ සියලු ප්‍රශ්න විසදා ගත හැකි වනු ඇත. ගරු කෙහෙළිය ඇමතිතුමනි, තව දුරටත් මේ පිළිබඳව සිතා බැලීමෙන් ජනතාවට යම් සහනයක් ලැබෙනු ඇති අතර එසේ නොවී තීරණ ගැනීම තුලින් තව දුරටත් ජන සමාජය බිඳ වැටෙනු ඇත.
සංස්කාරක