කොටදෙණියාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී තිබූ යන්ත්‍රයක් යන්ත්‍ර ක්‍රියාකරවන්නෙකු විසින් එය පරීක්ෂා කිරීමට යාමේදී යන්ත්‍රය නැවත ක්‍රියාත්මක වීම නිසා එයට සම්බන්ධ වී තිබූ බෙල්ට් එකකට සිර වීමෙන් යන්ත්‍ර ක්‍රියාකරු අනතුරින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මරණකරු මඩිතියවල පදිංචි 37 හැවිරිදි අයෙකු බව කියයි.
මෘත දේහය දිවුලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කොටදෙණියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව පවසයි.














































