කළුබෝවිල,දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලක පහත මාළයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගින්න අද (28) පෙරවරුවේ හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරයි.