අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමීපතම හිතවතෙකු බව කියවෙන ක්ලබ් වසන්ත නම් පුද්ගලයෙකු විදේශ රැකියා ලබා දෙන බවට සඳහන් කරමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කිහිපයක් ඉදිරිපත්ව තිබෙන බවට වාර්තා වේ.
කල්බ් වසන්ත නැමැති අය ඉහතින් සඳහන් කළ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ ලබා ගත් විවිධාකාරයේ ඡායාරූප මේ වන විට අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතීයි.එම සංසරණය වන ඡායාරූප අතර හොටෙල් සංහිද නම් වූ ආයතනයකට මුදල් යොමු කරන ලද රිසිට් පතක් ද සංසරණය වෙමින් පවතී. මේ පිළිබඳව විමසීම සඳහා කල්බ් වසන්ත නමැති අයට දුරකථන ඇමතුම් ලබා දෙන අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට බැන වදින ආකාරය දැක්වෙන හඬ පට විවිධ වට්ස්ඇප් සමූහයන් තුළ සංසරණය වේ.
කෙසේ නමුත් ඉහත සඳහන් කළ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ ලබා ගත් ඡායාරූප ද මෙසේ සංසරණය වන බැවින් මෙම සිද්ධිය තුළින් අදාළ අමාත්‍යවරුන් දෙදෙනාට ද දැඩි අපකීර්තියක් ඇතිව තිබේ. නමුත් ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක් සමඟ ඡායාරූප ලබා ගැනීම් සහ පෙනී සිටීම් සිදුකළ හැකි බැවින් එම ඡායාරූප පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොකළත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යවරුන් දෙදෙනා මේ වන තෙක්ම පාදා කිරීමක් කර නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තවද අසරණ පුද්ගලයන් ජීවත් වීම උදෙසා කරන උත්සාහයට විවිධ වංචනික කණ්ඩායම් බාධා කරන්නේ නම් මොවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති වූ විට තවදුරටත් ලංකාවේ යහපත් පැවැත්මට දැඩි ලෙස හානි වීම සිදුවනු ඇතියි.
දූෂිත පාලකයන් විසින් නිර්මාණය කරන ලද දූෂිත ක්‍රම සහ දූෂිත පරපුරවල්වල පුද්ගලයන් රටට සිදු කරන දැවැන්ත විනාශය නැවැත්වීමට නම් ඔවුන් අලුත් යහපත් පරපුරක් නිර්මාණය කළ යුතුය.එබැවින් දූෂිතයන් බවට වාර්තා වන සියලුම පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි මත පදනම්ව පමණක් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුමය.














































