අද සිට QR කෝඩ් එකෙන් ත්‍රී රෝද රථ සඳහා සතියකට ලැබෙන්නේ පෙට්‍රල් ලීටර් 5 ක් පමනි.
එම ලීටර් 5 න් දින 7 ක් හයර් යෑමට ඔවුන්ට සිදුවේ.
ඔහුගේ දරුවන්ගේ පාසල් වැඩ ඔහුගේ පවුලේ පුද්ගලික ගමන් බිමන් වෙනුවෙන් එයිනුත් ලීටරයක් වැයවෙන බව සිතමු.
එසේ නම් ඔවුන්ට හම්බකරගෙන කන්න ලැබෙන්නේ ලීටර් 4 කි.
වර්තමාන ජීවන අර්බුදය හා අධික මිල ගණන් නිසා අඩුම දිනකට රු.2500 ක වැටුපක් වත් මිනිසෙක් ලැබිය යුතුය.
එසේ නම් ත්‍රී රෝද රථය පදවන ඔහු රු.2500 ඒවා හතක් ඒ ලීටර් 4 න් සෙවිය යුතුය.
එනම් සතියකට රු.17500 කි.
එසේ නම් ලීටරයකින් සතිකකට ඔහු රු.4375 ක් වත් සෙවිය යුතුය.
ඔහුට පෙට්‍රල් ලීටරයක් මිලට ගැනීමට රු.450 ක් වැයවේ.
එමනිසා දවස කවර් කර ගැනීමට ඔහුට එක් ලීටරයකින් රු.4825 ක් සොයා ගත යුතුව ඇත.
සාමාන්‍යයෙන් ලංකාවේ ත්‍රී රෝද රථ ලීටරයකින් 25 – 30 km පමන දාවනය කල හැක.
අපි එය සාමාන්‍යක් ලෙස ලීටරයකින් 28 km ලෙස ගනිමු .
එවිට ලීටරයකින් රු.4825 ක් සෙවීමට ඔහුට කිලෝමීටරයකට රු.172 ක් අය කල යුතුය.
කිලෝ මීටරයක හයර් එකක් යාමට එසේ නම් ඔහු රු.344 ක මුදලක් ලබා ගත යුතුය.
මන්ද මගියෙක්ව කිලෝ මීටරයක් දුර දමා නැවත පාර්ක් එකට ඒමට ඔහුට තව කිලෝමීටරයක් තිබේ…
කිසිසේත්ම මගීන් මේ අධික මුදලට හයර් යෑමට ත්‍රීවීල් වලට ගොඩ නොවනු ඇත.
නමුත් මේ තරම් විශාල මුදලක් හයර් එකට ගැනීම ගැන ඔවුන් ත්‍රී රෝද රථ රියදුරන්ට දොස් පවරනු ඇත.
යථාර්තය නොදැන ත්‍රී රෝද රථ රියදුරන්ට බනින්න එපා.
ඔවුන් හම්බ කරන්නේ තමන්ගේ දරුවන් පවුල බඩගින්නෙන් බේර ගන්න.
ඒ සඳහා ඔවුන් සාදාරන වැටුපක් ලැබිය යුතුයි.
හිතන්න ලීටර් 5 කින් ඔවුන්ට එය ලබා ගත හැකිද කියා.
එය ඉතාම අසාධාරන කෝටා එකක් බව කිව යුතුය.
වර්තමානයේ ත්‍රී රෝද රථ රියදුරන් සමහර අය පෙට්‍රල් වැඩි මිලට විකුණන බව ඇත්තකි.
නමුත් බහුතරයක් මේ දැඩි ඉන්ධන මිල හා හිගය හමුවේ අන්ත අසරන වී ඇත.
මී ලීටර් 5 කෝඨා එක නිසා ඔවුන් තවත් අසරන වනු ඇත.
වැඩි මිලට තෙල් විකිනීමට එහා ගිය විෂමාචාර රැකියා සදහා ඉදිරියේ ඔවුන් යොමුවනු ඇත.
පසුගිය කාලය පුරාවට තෙල් ගබඩා කරගන්නවා, තෙල් විකුණනවා යනුවෙන් මොවුන්ට චෝදනා කළ ද ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කිරීමට ධනවතුන්ට මෙන් සැප සම්පත් නැතිකොට කුමක් කරන්නද?
රටේ බොහෝ තරුණ පරපුර මහමග රෝද තුනක් උඩ ජීවිතය හොයන රටක් තුළ ඔවුන්ගේ අනාගතය කෙසේ ලියවෙන්නේද යන්න අද වන විට මහත් ප්‍රහේළිකාවක්ව වී ඇත.රටේ පාලකයන් විසින් මේ තරුණ පරපුර වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් තිබුණ ද ඒවා නොපෙණෙන සේ රටේ පාලකයන් ක්‍රියාකරයි.
තරුණ පරපුරට රැකියාවන් නොමැතිව විරැකියාවෙන් පෙළෙන විට ඔවුන් මෙවන් රැකියාවකට යොමු වුවද අද වන විට ඉන්ධන අර්බුදය හමුවේ ඔවුන් එම රැකියාව ද කර ගැනීමට අපහසු කාලයක් උදා වී ඇත.ඉන්ධන ලීටර් 4ක් 5ක් ඔවුන් එකතු කරගන්නේ දිනක් හෝ තම රැකියාව සිදු කර ගැනීමේ අභිප්‍රායෙන් විය හැකිය.
කාටවත් අත නොපා හොඳින් කාල බීල හිටපු රැකියාවක් එයින් යැපෙන ලක්ෂ ගනණක පිරිසක් අන්ත අසරන කර අද සිට තවත් අසරන කර ඇත..
ත්‍රී රෝද රථ රියදුරෙක්ට බනින්නට පෙර දෙවරක් හිතන්න.දත්ත සංඛ්‍යා ලේඛන සහිතව මෙම ලිපිය ලිව්වේ ඒ මිනිසුන් වෙනුවෙන් එබැවිනි..
ඔවුන්ගේ දුක වේදනාව කරදර හඳුනන්නේ ඔවුන්ගේම පන්තියේ ජනතාව වන ඔබත් අපත් පමණි.කෙසේ නමුත් අපගේ එකම ප්‍රාර්ථනාව මෙම අර්බුද හමුවේ පීඩා විඳින ත්‍රීරෝද රථ තුල ජීවන සටනේ යෙදෙන මොවුන් මෙන්ම ඒ හා කටයුතු කරන පීඩා විඳින ජනතාවට යම් හෝ සහනයක් සැලසේවාය යන්නයි.















































