ඊයේ (31) දහවල් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ (i) හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොග්ගල තොටුපළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නීතිවිරෝධී අයුරින් කැළණි ගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 42,43 සහ 45 යන වයස් කාණ්ඩවලට අයත් පූගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන බව අනාවරණය වී ඇත.
එසේම මැණික් ගැරීම සඳහා යොදා ගත් කම්ප්‍රෙෂර් යන්ත්‍රයක් , වතුර මෝටරයක් හා තවත් භාණ්ඩ කිහිපයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවට වාර්තා වී ඇත.















































