අද (04) දිනයේ දී ආනයනික කිරිපිටි මිල සංශෝධනය පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අවස්ථා රැසකදී කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි මිල ඉහළ නැංවිය යුතු බවට රජයට කරන ලද ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව අද දිනයේ අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.