විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ, අද (01) සිට සවස 4.15 න් පසු සිදුවන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවයි.
මේ වන විට නීතිගරුක නිලධාරීන්ගේ රාජකාරි ස්ථාන මාරු කිරීමේ සිද්ධීන් පාදක කරගනිමින් මෙවැනි තීරණයකට එළඹි බවයි ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ.
නීතිගරුක නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන බවත්, රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වී ඇති බවත් ඔහු මෙහි දී වැඩි දුරටත් සඳහන් කර ඇත.