කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්ව තිබුණි.
එහි දී බහුල වශයෙන් කතාවට ලක් වූයේ චීනයෙන් ගෙන්වන ලද නුසුදුසු තත්ත්වයේ පැවති පොහොර නෞකාව පිළිබඳව මෙන් ම මෙතුමා සිය ධූරයෙන් ඉවත් කිරීමට බලපාන ලද කරුණු සම්බන්ධයෙනි.
එහි දී පැහැදිලි වූ කරුණක් වන්නේ ඔහුට මේ වන තෙක් සිය ධූරයෙන් ඉව් වන ලෙසට නියෝග ලැබී තිබුණ ද මේ වන තෙක් ඊට පාදක වූ හේතුවක් පිළිබඳව කිසිදු සඳහනක් නොවීමයි.
කෙසේ නමුත් උදිත් ජයසිංහ මහතා සමග අවස්ථා කිහිපයකදී වෛද්‍ය පාදෙනිය ,මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සහ ආචාර්ය වීරක්කොඩි මහතා යන අය ඔහු සමග විවිධ අවස්ථාවන්හි දී මතභේදාත්මක තත්ත්වයන් ඇති කරගෙන තිබූ බව ඔහු මෙහි දී පෙන්වා දෙයි.
එහිදී එක් රැයකින් ක්ෂණිකව රසායනික පොහොර භාවිතය සහ ගෙන්වීම නැවතීමට ගත් තීරණය සම්පූර්ණ වැරදි තීරණයක් බවත් ඔහු ඊට සම්පූර්ණයෙන් විරුද්ධ වූ බවත් ඇතැම් පාර්ශවයන්ගේ කැමැත්ත පරිදි එය සිදුව ඇති බවත් ඔහු මෙහි දී ප්‍රකාශ කරන ලදී.
ඇතැම් තීන්දු තීරණයන් ගැනීමේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා යම් කලබලකාරී ස්වභාවයක් ගන්නා බවත් චීන පොහොර නෞකාව ගෙන්වන අවස්ථාවේ දී ද හදිසි ක්‍රියාමාර්ග ගැණුනු එම මහතා පෙන්වා දුනි.
කෙසේ නමුත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පිළිබඳව ඉහළ දැනුමක් ඇති මෙවැනි සම්පතක් ජනපති විසින් මෙලෙස ඉවතට දමන්නේ කුමන කරුණක් නිසාද යන්න යම් ගැටලුවකි.