ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙරලාක්ශක දෙපාර්තමේන්තුව සමග එක්ව යාපනය,ඩෙල්ෆ්ට් දූපතට බටහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ ඊයේ(4) අලුයම කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ උර 6ක පාර්සල් 76ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700ක පමණ තොගයක් සැකකරුවන් තිදෙනෙකු සමග අතඅඩංගුවට ගත් තොගයක් වාර්තා වේ
මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 93කට අධික වන බව සදහන් වේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 19ත් 51ත් අතර පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නිතිමය කටයුතු සදහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙතට බාර දී ඇති බව වාර්තා වේ














































