2020 පෙබරවාරි මස සිට කොරියානු රජය විසින් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.
කෙසේ නමුත් මේ වන විට යළිත් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත.
ඒ අනුව ඊයේ (07) දිනයේ කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සමත් වී අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකුගෙන් යුතු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.
එම ශ්‍රමිකයින් පිටත්ව යාමේ අවස්ථාව සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික අධ්‍යක්ෂ Kim Won Seok මහතා, කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ගුවන් තොටුපොළ) ජගත් බටුගෙදර යන මහත්වරුන් එක්ව සිටිය හ.