කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නිවෙස් තුළ සිට ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදය ඔස්සේ තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 5,628ක් දක්වා අඩු වීමක් දක්නට තිබේ.
පසුගිය සති කිහිපය සමග සසඳන විට මෙම තත්ත්වය ඉතා විශාල අඩුවීමක් බවයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා සිටියේ.
ඊයේ (06) දිනය වන විට නිවෙස්ගතව සිට ප්‍රතිකාර ලබන ක්‍රමවේදය යටතේ රෝගීන් 91,745 දෙනෙකු ලියාපදිංචි වී සිට ඇති අතර එම සංඛ්‍යාවෙන් 84,344 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.
එලෙස නිවෙස් ප්‍රතිකාරය සඳහා යොමුව සිටි රෝගීන්ගෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇත්තේ 1% පමණ ප්‍රමාණයක් බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ.