අද අලුයම ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙන විත් ඇත.
ඒවා රැගෙනවිත් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් චීනයේ බීජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙතය.
තවත් සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් මෙම මස අවසන් වීමට ප්‍රථම මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.















































