කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබුණ ද ජනතාව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එකවර විශාල පිරිසකට වෛරසය ආසාදනය වීම මඟහරවා ගැනීම තුළින් කොවිඩ් ව්‍යාප්තිය අවම කරගැනීමේ හැකියාවක් පවතින බවයි.
මේ වන විටත් කොවිඩ් වැළඳි පුද්ගලයින්ට නැවතත් මාස 02ක්03ක කාලයක් ගතවනතුරු නැවත වෛරසය ආසාදනය නොවන බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
එමෙන් ම මේ වන විට මෙරට තුළ කොවිඩ් තත්ත්වය යහපත් මට්ටමක පවතින වත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මේ වන තෙක් මෙරටින් වාර්තා වී නොමැති බවත් ඔහු පෙන්වා දී ඇත.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳ සඳහන් කර ඇත.