මෙම වසරට (2021) අදාළව කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ නිෂ්පාදිතයේ වාර්ෂික පාඩුව, රු.ට්‍රිලියන 2.5ක් වන බවට ගණන් බලා ඇත.
අදාළ ගණනය කිරීම නාමික වශයෙන් සිදු කරන ලද්දක් බවට වාර්තා වන අතර මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවන්ගෙන් මේ බව පැහැදිලි වනු ලබයි.
රට තුළ පැවති කොවිඩ් වසංගත අර්බුදකාරී තත්ත්වයත් සමග එය පාලනයට ආර්ථිකමය වශයෙන් පනවා තිබූ සීමාවන්, සංචරණ සීමාවන් හේතුවෙන් රටේ සාර්ව ආර්ථික කාර්ය සාධනය වෙත එල්ල වී ඇති බලපෑම ඉතා ප්‍රබල බවයි සඳහන් වන්නේ.